Saturday 8th of November 2025

English Tamil
Advertiesment


විපක්ෂ නායකවරයා ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ නවෝත්පාදන සහයෝගීතාව පිළිබඳ NITI Aayog සමඟ සම්බන්ධ වේ


2025-11-06 1223

 

‌මේ දිනවල නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයේ ජාතික උපාය මාර්ග, නවෝත්පාදන සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා ආයතනික මධ්‍යස්ථානයක් වන NITI Aayog හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවිය. 

ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඉන්දියාවේ නවීන ප්‍රවේශය, වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කිරීමට උපකාරී වී ඇති ආකාරය සහ ශ්‍රී ලංකාවට එමඟින් ඉගෙන ගත හැකි පාඩම් කවරේද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේදී මූලික වශයෙන් අවධානයට ලක් විය. දිගුකාලීන ජාතික උපාය මාර්ග නිර්මාණය කිරීම සඳහා රජයට, ව්‍යාපාරවලට සහ විශ්වවිද්‍යාලවලට එක්ව කටයුතු කළ හැකි ආකාරය NITI Aayog මඟින් පෙන්නුම් කරන බව මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ඔහු ඉන්දියාවේ Aspirational Districts Programme, Atal Innovation Mission සහ Production-Linked Incentive (PLI) වැනි වැඩසටහන් පෙන්වන ආකාරයට කර්මාන්ත හා නවෝත්පාදන ප්‍රතිපත්ති ගෝලීය වෙළෙඳ අන්තර්ගතයට සාර්ථකව සම්බන්ධ කර ඇති බව ද පෙන්වා මෙහි දී පෙන්වා දුන්නේය.

ඒ අනුව ඩිජිටල් පාලනය, සමාජ ආරක්ෂාව සහ හරිත වර්ධනය පිළිබඳ දැනුම බෙදා ගැනීම සඳහා NITI Aayog සහ ශ්‍රී ලංකාවේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හෝ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය (LKI) අතර හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට ද මෙහි දී යෝජනා කළේය. මෙම පරිවර්තනයට අභිලාෂය පමණක් නොව දත්ත සහ සහයෝගීතාවය මත පදනම් වූ ශක්තිමත් ප්‍රතිපත්ති නිර්මාණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ අනුව නවෝත්පාදනය, ආර්ථික තරඟකාරිත්වය සහ තිරසාර සංවර්ධනය සඳහා ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම මෙහි දී එකඟ විය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment